20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විරෝධයක් එල්ල වී ඇති බවත් එවන් තත්ත්වයක් පැවතියදී නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හදිසි වන්නේ ඇයි ද? යන්න රජයෙන් විමසන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
ඔහු මේ අදහස් පළ කළේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අද කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
කරු ජයසූරිය මහතා පෙන්වා දුන්නේ, ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට අවශ්‍ය නම් ඒ සඳහා සංඝ රත්නය, විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු සියලු පාර්ශවවලින් අදහස් විමසිය යුතු බවය.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කරුණුවලට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පවා විරුද්ධ බවත්, මෙම සංශෝධනය රටට අහිතකර වන්නේ නම් මෙය පරාජය කිරීම සඳහා සියලු දෙනා එක් විය යුතු බව ද හිටපු කතානායකවරයා පැවසීය.
(Lanka Leads)