Tuesday, January 13, 2026
Follow Us
20 ට තුනෙන් දෙක සම්මත කරගන්න ආණ්ඩුව දැඩි අර්බුදයක

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතැම් වගන්ති කීපයකට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරු කීපදෙනෙකු ඇතුළු මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගැනීම පිළිබඳ ආණ්ඩුව දැඩි අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වේ.

එම වගන්ති අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පැවති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සීමා ඉවත් කිරීම, ඇමති මණ්ඩලය පත් කිරීමේදී තිබූ ඇමති වරුන් ගණනට තිබූ සීමා ඉවත් කිරීම හා විගණන පනත අහෝසි කිරීම යන කරුණු මේ සඳහා මූලික වී තිබේ.

මෙම වගන්ති තුන 20 වැනි සංශෝධනයට ඇතුළත් නොවීම පිළිබඳ ආණ්ඩු පක්‍ෂයේම අමාත්‍යවරු කීපදෙනෙකුගෙන් හා මන්ත්‍රීවරු පිරිසකගෙන් දැඩි විරෝධයක් පැන නැගී ඇති බවද වාර්තා විය.

ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරු කීපදෙනෙකු ඇතුළු මන්ත්‍රීවර විසිදෙනෙකු පමණ ඒ අතර වන බවත්, උක්ත වගන්ති ත්‍රිත්වය අනිවාර්යයෙන්ම 20 වැනි සංශෝධනයට ඇතුළත් විය යුතු බවට අදහස් පළ වී ඇති බවත් වාර්තා වේ.

මේ අතර ජාතික සංවිධාන එකමුතුව විසින්ද 20 වැනි සංශෝධනයට ඇතුලත්විය යුතු වගන්ති ඇතුලත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබුණි.

(Lanka LEads)