Friday, August 15, 2025
Follow Us
එජාප නායකත්ව වෙනස 2021 වසර දක්වා කල් දැමේ!

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2021 වසර තෙක් ඉවත්ව නොයන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග දක්වා සිටී. එක්සත් ජාතික පක්ෂයේ නීති අංශයේ ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ පක්ෂය පළමුව දැනට පුරප්පාඩු වී පවතින නියෝජ්‍යය නායක පදවිය සඳහා කෙනෙකු පත් කර ගැනීමට නියමිත බවයි.

එසේ පත්කරගන්නා තැනත්තා 2021 ජනවාරි 21 වනදා සිට නායකත්ව තනතුර භාර ගැනීමට යෝජනා වී ඇති බවත් වැඩිදුරටත් පවසා සිටියේය.

ඒ අනුව ලබන සඳුදා රැස්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී නියෝජ්‍යය නායක තනතුර සඳහා පුද්ගලයෙකු නම් කිරීම සිදුවනු ඇති බව ඔහු විසින් මාධ්‍යය වෙත දන්වා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයට පත් වූ දා සිටම එජාපය තුළ බෙදීම් ඇතිවී ගැටුම් නිර්මාණය වූ අතර ඔහු තුළ වන අනම්‍යශීලීභාවය හේතුවෙන් එජාප යේ බොහෝ නායකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම පොදු ජන එක්සත් පෙරමුණටද එකතු වීම සාමාන්‍යය කාරණයක් වූ අතර අවසානයේදි සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එජාපයේ සිටි පතාක යෝධඑක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජන බලවේගය නිර්මාණය කර ගැනීමට පවා පෙළඹුනි

(Lanka Leads)