Tuesday, January 13, 2026
Follow Us
උපරිම දඬුවම නියම වූ අයෙකු දිවුරුම් දීම ගැටළුවක් – අනුර කුමාර

නීතිය සම්පාදනය කරන පාර්ලිමේන්තුව වැනි උත්තරීතර තැනකට නීතියේ උපරිම දඬුවම වන මරණ දඬුවමට නියම වූ අයකු පැමිණ දිවුරුම් දීම පිළිබඳ ගැටලුවක් ඇති වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අද (08) පාර්ලිමේන්තුවේ දී යි.

ඔහු මෙලෙස පැවසුවේ මරණ දඬුවම නියමවී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අද දින (08) දිවුරුම්දීම සම්බන්ධවයි.

කල්තැබීමේ විවාදයට සම්බන්ධ වෙමින් අනුර කුමාර දිසානායක මහතා එසේ අදහස් පළ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු එයට දිගින් දිගට බාධා කර ඇති බව වාර්තා වේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවවාද කරමින් කියා සිටියේ මාතෘකාවට අදාළව අදහස් පළකරණ ලෙසයි.

(Aruna)