ප්‍රේමලාල් ජයසේකර, මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.
මරණ දඬුවම නියම වී අභියාචනයක් ඉදිරිපත් කර සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිය හැකි බව, අභියාචනාධිකරණය ඊයේ (07) ප්‍රකාශ කළා.
මේ අනුව අද (08) ඔහු දිවුරුම් දීමට පාර්ලිමේන්තුවට පැමිණි අතර, දිවුරුම් දෙන අවස්ථාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඝෝෂා කරමින් ඊට බාධා කිරීමට උත්සහ කළා.
කෙසේවෙතත් ප්‍රේමලාල් ජයසේකර, මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
(Neth)