Friday, August 15, 2025
Follow Us
20ට ඡන්දෙ විමසන දිනය තීරණාත්මකයි – දේශපාලන පෙරළියක් ගැනත් අගමැති මහින්දගෙන් අනාවැකියක්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවට සහාය දීමට එක්වීමට කැමති විපක්‍ෂයේ සුළු කණ්ඩායම්වල සැබෑ මුහුණු අනාවරණය වන්නේ ඔවුන් 20 සංශෝධනයට පාර්ලිමේන්තුවේදී කැමැත්ත අකමැත්ත පළ කරන ඡන්ද විමසීමේදී බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම සුළු දේශපාලන පක්‍ෂ ආණ්ඩුව සමග එක්වීමට කැමති බවට නිල දැනුම් දීමක් කර නැතත් එම පුවත රට පුරා ප‍්‍රසිද්ධවී තිබෙන බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා 20 ගැන විපක්‍ෂය අද විවිධ කතා පතුරුවන බවද සඳහන් කළේය.

රටේ ජනතාව විපක්‍ෂයේ කතා තඹේකටවත් මායිම් නොකරන බවද පසුගිය මැතිවරණ සමයේ විපක්‍ෂය දේශපාලන වේදිකාව තුළ කි‍්‍රයා කළ ආකාරය පිළිබඳව සැලකීමක් නොදැක්වූ ජනතාව අදත් එම මතයේම සිටින බවද අග‍්‍රාමාත්‍යවරයා කීවේය.

(Lanka Leads)