Friday, August 15, 2025
Follow Us
බොරු නඩු පැටලූ විජයකලාට නොතිසි

හිටපු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන්ට මෙම 17 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති ​කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කර තිබේ.

අසත්‍ය චෝදනා නගා නඩු පවරා තමා හිරේ දැමීම සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ඥානලිංගම් මයුරන් නමැති අය කළ පැමිණිල්ලකට අදාළව එලෙස ​නොතිසි නිකුත් කර තිබේ.

ඊට අමතරව ඉකුත් 2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග කර පරාජය වූ කුමරන් සරවානන්දට ද එදිනම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කර තිබේ.

යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තා මුදාගැනීම සඳහා විජයකලා මහෙෂ්වරන් බලපෑම් කළැයි පැමිණිලිකාර පොලිස් කොස්තාපල්වරයා සාක්ෂි ලබාදෙමින් අනාවරණය කර තිබේ.

(Aruna)