Friday, August 15, 2025
Follow Us
මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙන්න ප්‍රේමලාල් ජයසේකරට අවස්ථාව සලසා දෙන්න : අභියාචනාධිකරණයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නියෝගයක්

මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අවස්ථාව සලකා දෙන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ බන්ධනාගාර අධිකාරිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ප්‍රේමලාල් ජයසේකර විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලදී .

2015 ජනාධිපතිවරණය සමයේ පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව ප්‍රේමලාල් ජයසේකර හට රත්නපුර මහාධිකරණය මරණ දඬුවම නියම කරන ලදී.

කෙසේවෙතත් මෙම දඩුවමට එරෙහිව අභියාචන පෙත්සමක් ගොනු කර ඇති බැවින් ඔහු සාමාන්‍ය රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ පුද්ගලයකු බවට පත් වන බව පෙත්සම්කරු පවසා සිටින අතර ඒ අනුව පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙසට අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි .

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු දිලීප් නවාස් මහතා සහ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

(Neth)