Tuesday, January 13, 2026
Follow Us
20 ගැන කතා කරන්න ශ්‍රීලනිපය අද රැස්වෙයි

20 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (07) සවස රැස්වීමට නියමිතය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.

20 වන සංශෝධනයේ යම් යම් වගන්ති සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රිලනිපයද සිය විරෝධය පළ කොට තිබේ.

ඒ අනුව ඊට සංශෝධන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජජා කෙරෙනු ඇති බව වාර්තා වේ.

(Lanka Leads)