Tuesday, January 13, 2026
Follow Us
නායකත්වය බාරගන්න මම සම්පූර්ණයෙන්ම සූදානම්. රනිල් මේ සතියේ තීන්දුව ගනීවි - රුවන්

එක්සත් ජාතික පක්ෂයෙහි නායකත්වය බාරගැනීම සඳහා තමන් සම්පූර්ණයෙන්ම සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසයි.

"රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා තියෙනවා දැන් තරුණ නායකත්වයක් එන්න අවශ්‍යයි කියලා. ඉතිං මං හිතනවා මේ සතියේ යම්කිසි තීරණයක් ගනීවි කියලා. මම සම්පූර්ණයෙන්ම සූදානම් නායකත්වය බාරගන්න. අනිවාර්යයෙන්ම" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එසේම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ "මං ඉස්සෙල්ලා ඉඳන්ම කිව්වා ජාතික ලැයිස්තුවෙන් මං යන්නෙ නෑ කියලා. මං පාර්ලිමේන්තුවට යනවා නම් ජනතාවගේ ඡන්දයෙන් තමයි එහෙම යන්න බලාපොරොත්තු වෙන්නෙ" යනුවෙනි.

රුවන් විජේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පැවති එක්සත් ජාතික පක්ෂයේ 74 වැනි සංවත්සර උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)