Tuesday, January 13, 2026
Follow Us
වත්කම් බැරකම් ප‍්‍රකාශ නිකුත් කිරීමට දුන් කාලය අදින් අවසන්

පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත් වු සියලූ අපේක්ෂකයින්ට සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ නිකුත් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වනවා.

එම අපේක්ෂකයින් හට සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ තේරීම් භාර නිලධාරීන්ට හෝ මැතිවරණ කොමිසමට ලබාදීමට අවස්ථාව ලබාදී තිබුණා.

වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීමේ නීතියට අනුව පරාජිත අපේක්ෂකයින් විසින් මැතිවරණයට නාමයෝජනා ලබාදී මාස තුනක් ඇතුළත සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ එලෙස ඉදිරිපත් කළ යුතු වනවා.

(Neth)