Friday, August 15, 2025
Follow Us
20ට එරෙහිව සංවිධානය වෙන්න සජිත් පාර්ශ්වයෙන් අලුත් වැඩක්

විසි වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ සියළු පාර්ශ්ව එක් කර ගනිමින්, එම සංශෝධනයට එරෙහිව ගතහැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නා බව සමගි ජනබලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පැවසුවේ විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමට ද සිය පක්ෂය බලාපොරොත්තු වන බවයි.

විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එළඹෙන සතිය තුළ සිය පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම රැස්වීමට නියමිත බව ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)