Friday, August 15, 2025
Follow Us
චොකා මල්ලි පාර්ලිමේන්තු යන්න අවසර ඉල්ලයි

මරණ දඩුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ තමන්ට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින්ය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනයි, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර තිබේ.

මිනීමැරීමේ චෝදනාවකට වරදකරු වී සිටින තමන්ට රත්නපුර මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර ඇති අතර, එම දඩුවමට එරෙහිව තමන් අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ඇතැයි පෙත්සම්කරු සදහන් කර ඇත.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයෙන් මැතිසබයට තේරී පත්වූ තමන්ව පාර්ලිමේන්තු රැස්වීම් සදහා රැගෙන යාම බන්ධනාගාර නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන බවට ද ඔහු විසින් චෝදනා කර තිබේ.

මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද ප්‍රේමලාල් ජයසේකර මහතාව පාර්ලිමේන්තුව සැසිවාරයන් සදහා සහභාගි කරවීමට වහාම කටයුතු කරන ලෙස න්ධනාගාර කොමසාරිස්වරයා වෙත පසුගිය දිනෙක දැනුම් දී ඇත.

(Aruna)