Tuesday, January 13, 2026
Follow Us
රනිල් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොය බැලෙන ජනාධිපති කොමිසම හමුවට

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොය බැලෙන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබෙනවා.

යහපාලන ආණ්ඩු කාලය තුළ ක‍්‍රියාත්මක වු ජාතික විධායක සභාවේ තීරණයක් හේතුවෙන් තමන් දේශපාලන පළිගැනීම්වලට ලක්වු බව ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

එම පැමිණිල්ලෙහි වගඋත්තරකරුවෙකු ලෙසයි හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස නොතිසි නිකුත් කර ඇත්තේ.

එම පැමිණිල්ලට අදාළව මීට පෙර යහපාලන ආණ්ඩුවේ ආමත්‍යවරුන් 15 දෙනෙකු ද කොමිසම හමුවේ සාක්ෂී ලබා දී තිබෙනවා.

මේ අතර, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම්, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ තිබෙනවා. ඒ, පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට අදාළව සිදු කරන විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහායි.

(Neth)