Friday, August 15, 2025
Follow Us
හන්තාන ඉඩම මගේ. කාබනික වගාවක් පටන් ගන්න යන්නෙ - කිරිඇල්ල

හන්තාන රක්ෂිතයට අයත්, මීටර් 3000 ට ඉහළ පරිසර සංවේදී කලාපයේ අක්කර ගණනක් එළි පෙහෙළි කර ඇති බවට පරිසරවේදීන් පසුගියදා අනාවරණය කළේය. පරිසරවේදීන් ප්‍රකාශ කළේ විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීම මත මෙම පරිසර හානිය සිදුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ අදාල ඉඩම තමාට අයත් පෞද්ලික ඉඩමක් බවයි. අක්කර 08 කින් සමන්විත මෙම ඉඩම 1990 වසරේදී කිරිඇල්ල මහතා විසින් මිලදී ගෙන ඇති අතර 194 වසරේ සිට පෞද්ගලික අයිතිකරුවන්ට අයිති ඉඩමක් බව ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ ලේඛනවල පැහැදිලිව සඳහන් වන බවද කිරිඇල්ල මහතා සිය නිවේදනයෙන් පවසනවා.

නව රජය පත්වීමෙන් පසු රට තුළ ඇති වූ උද්යෝගය හේතුවෙන් මෙම ඉඩම වගා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්, ඒ අනුව හන්තාන සුරැකීමේ කමිටුවේ නිර්දේශවලටද යටත්ව තම ඉඩමේ කාබනික වගාවක් ආරම්භ කිරීමට අයදුම් කර ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

(LNW)