Friday, August 15, 2025
Follow Us
"20ට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන්නේ දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය විමසිය යුතුයි" - සමගි ජනබලවේගය

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇති කරුණු ජනතාව හමුවේ අනාවරණ කළයුතු බව සමගි ජනබලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක පැවසුවේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කළ යුතු බවයි.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන්නේ දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලබාගත යුතු බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකි බවත් නීතිපතිවරයා ඊයේ (02) දැනුම් දුන්නා.

මේ අතර 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඊයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමි වුණා. එය ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රසිද්ධ කිරීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.

(Neth)