Friday, August 15, 2025
Follow Us
රනිල් වගේ නෙවෙයි මෛත්‍රීපාල – නිසි කලට නායකත්වය සුදුස්සාට දෙයි

ශ්‍රීලනිපය එජාපය මෙන් දෙකට බෙදී නායකත්වයට මරා නොගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

නිසි කලට වත්මන් සහාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ නායකත්වය සුදුස්සෙකුට ලබා දෙනු ඇතැයිද ඔහු සඳහන් කරයි.

ඊයේ (02) ශ්‍රීලනිපයේ 69 වන සංවත්සරය යෙදී තිබුණු අතර ඒ නිමිත්තෙන් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පිංකම් මාලාවක් ද පැවැත්විණි.

මහා මැතිවරණයෙන් පසු ශ්‍රීලනිපයේ නායකත්වය තරුණයෙ

කුට ලබා දෙන බවට එහි වත්මන් නායක මෛත්‍රිපාල සිරිසේන මහතා මැතිවරණයට පෙර කලුතරදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කලද තවමත් එය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැත.

(Lanka Leads)