සෞදි අරාබි අන්තවාදී බලවේගවලට තවදුරටත් හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා යොදා ගැනීමට නොහැකි වී ඇති තත්වයක් යටතේ ඔවුන් ආණ්ඩුවට ලංවීම සඳහා සූක්ෂම උපායන් තෝරමින් සිටින බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සමාජමාධ්‍ය වල ඵල වූ වාර්තාවක් උපුටා දක්වමින් පසුගියදා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ පැවති නිම්නාද වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කර සිටියේය.
රිෂාඩ් බදියුදීන්ට සහ අන්තවාදී බලවේග වලට හැසිරවිය හැකි පුද්ගලයන් කිහිප දෙනෙකු ආණ්ඩුව තුලට යැවීමේ හැකියාවක් ඇති බවත් ඒ සඳහා පක්ෂයේ ස්වාධීනයැයි හදුන්වන පිරිසක් යොදා ගැනීමේ හැකියාවක්ද පවතින බව වසන්ත බණ්ඩාර මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.
මේ වන විට රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ සහෝදරයා බරපතල අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව රහස් පොලීසිය ප්‍රශ්න කරමින් සිටින බවද ඔහු සඳහන්කර සිටියේය.
(Lanka Leads)