Friday, August 15, 2025
Follow Us
69වැනි සංවත්සරය අදයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ.

වර්ෂ 1951දී අද වැනි දිනක එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළේය.

ඉන් අනතුරුව වසර 5කට පසුව එනම් 1956 වසරේදී නිදහස් පක්ෂය ඇතුළු සන්ධානය මෙරට ආණ්ඩු බලය හිමි කර ගැනීමට සමත් විය.

ඒ අනුව මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා තේරීපත්විය.

එතැන් සිට අවස්ථා කිහිපයකදීම මෙරට රාජ්‍ය බලය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය හැකිවුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදට යෙදී ඇති 69 වන සංවත්සරය මෙවර පෙර වසරවල මෙන් උත්සවාකාරයෙන් පැවැත්නොවෙන්නේ කොවිඩ්-19 වෛසරය නිසා වෙන් බව පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේය.

කෙසේ වෙතත් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් පක්ෂ සංවත්සරය සැමරීමට කටයුතු යොදා ඇති බවත්, පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ.

(Aruna)