Tuesday, January 13, 2026
Follow Us
දේශපාලඥයන්ගේ ඥාතීන්ට ගල්, වැලි බලපත්‍ර අහිමි වේ

දේශපාලනඥයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ගල්, වැලි සහ පස් බලපත‍්‍ර ලබාදීම නතර කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

වැල්ලවාය, කොටිගම්බොක්ක තිරිවානා නිදිය අමාත්‍ය මහින්ද අමරවීර අද නිරීක්‍ෂණයට ලක් කළා. එහිදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

දැනට ශ‍්‍රී ලංකාවෙන් සොයාගෙන ඇති විශාලතම තිරිවානා නිදිය වැල්ලවාය, කොටිගම්බොක්ක තිරිවානා නිදිය බවටයි පැවසෙන්නේ.

මෙම තිරිවානා නිදිය බිලියන ගණනක වටිනා සම්පතක් වන අතර ඉකුත් සමයේ අනවසරයෙන් මෙහි ගල් ඉවත් කර තිබුණා. රජය මැදිහත් වී මෙහි යම් සංවර්ධන කටයුත්තක් සිදු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේ දී කැබිනට් මණ්ඩලයත් සම`ග සාකච්ඡුා කර තීන්දුවක් ගන්න බවද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී කියාසිටියා.

(Neth)