Friday, August 15, 2025
Follow Us
ශ්‍රීලනිප 69වන සංවත්සරයට මෛත්‍රීගෙන් නිවේදනයක්

හෙටට (02) යෙදී ඇති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට එහි වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.

මෙම නිවේදනයේ ඇති විශේෂත්වය වන්නේ 1951 සිට වත්මන් කාලය දක්වා එහි සදහන්ව තිබුණත් 2015 සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුව ගෙවුණු කාලය පිළිබදව හෝ එකල පක්ෂයට අත්වූ ඉරණම පිළිබදව හෝ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධයෙන් හෝ වචනයක්වත් එම නිවේදනයට ඇතුළත් නොකිරීමට සිරිසේන මහතා පියවර ගෙන තිබීමය.

වසර 30ක යුද්ධය නිමා කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දීම සම්බන්ධයෙන්ද එහි සටහනක් තබීමට සිරිසේන මහතා පියවර ගෙන ඇත.

(Lanka Leads)