හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන විමට තීන්දු කර ඇත.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය යටතේ තරග වැදී පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රීවරයා ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක්වී කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
දැනටමත් ඒ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ ප්‍රධානීන් සමග සාකච්ජා කොට ඇති බව දැනගන්නට තිබේ.
මීට අමතරව මන්නාරම සහ දිගාමඩුල්ල නියෝජනය කරන බදුර්දීන් මහතාගේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීන්දු කර ඇති බවද දැනගන්නට ඇත.
ඒ සම්බන්ධව එම මන්ත්‍රීවරුන් දෙදෙනා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සමග සාකච්ජා පවත්වා ඇති බවද වාර්තා වේ.
(Lanka Leads)