මෙරට ඉතිහාසයේ පළමු වරට රජයේ ආදායම රජය විසින් ලබාගෙන ඇති ණයවල පොළී ගෙවීම සඳහා පමණක් ප්‍රමාණවත් වන තැනට ඇදවැටී ඇති බවත් මේ හේතුවෙන් ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදු කිරීමට පවා රජයට අනිවාර්යයෙන්ම සිදුවනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.
"පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 613ක්, ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 336ක්, ඒ වගේම දෙවන උපලේඛනයේ සඳහන් වියදම් සඳහා බිලියන 796ක් ලෙස එකතුව රුපියල් බිලියන 1745ක් ඉදිරිපත් කොට තිබෙනවා. අගමැතිතුමාගෙ කතාවෙ නම් කිව්වෙ 1900යි කියලා. මේ ලේඛනයෙ තියෙන්නෙ 1745යි.
නිශ්චිත අයවැය ලේඛනයක් නොමැතිව ගෙවීගිය වර්ෂයක් හැටියට මේ වර්ෂය ඉතිහාසයට එකතු වෙනවා. මුදල් අමාත්‍යාංශයෙ ලේකම්තුමා චක්‍රලේඛයක් නිකුත් කළා 2020 මාර්තු 10 වෙනිදා ජනාධිපතිතුමා නියෝග කරලා තිබෙනවයි කියලා මුදල් වියදම් කරගෙන යන්න මැයි මාසය දක්වා. අතුරු සම්මත ගිණුමක් තියෙනවද ? ඒක සම්මත කරන්න ඕනෙ පාර්ලිමේන්තුව මිසක් මුදල් ලේකම්තුමාවත් අතිගරු ජනාධිපතිතුමාවත් නෙවෙයි.
ඉතිහාසයේ පළවෙනි වතාවට ආණ්ඩුවේ ආදායම සම්පූර්ණයෙන්ම රජය ලබාගෙන තියෙන ණයවල පොලිය ගෙවීමට පමණක් ප්‍රමාණවත් වෙන තැනට ඇදවැටිලා තියෙනවා. රජයට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවයේ වියදම් කප්පාදු කරන්න. වැටුප් කප්පාදු කරන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයට එක්වෙමිනි.
(LNW)