Tuesday, January 13, 2026
Follow Us
පළාත් සභා ජන්දයට දින නියම වෙයි?

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා දින නියම කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව බොහෝ දුරට ලබන ජනවාරි මස අවසානයේ හෝ පෙබරවාරි මස මුල සති 2 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව දින නියම කොට තිබේ.

පැරණි ජන්ද ක්‍රමය යටතේ මෙම මැතිවරණය පැවැත්වීමටද ආණ්ඩුව තීන්දු කර ඇත.

13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලය බෙදාහැරීමේ අරමුණින් පළාත් සභා පිහිටුවනු ලැබීය.

(Lanka Leads)