Tuesday, January 13, 2026
Follow Us
එජාපය ගැන සමගි ජනබලවේගයේ ස්ථාවරය හෙළි කරයි

එක්සත් ජාතික පක්ෂයේ ඉතිරි වී සිටින අතළොස්ස අතරින් පිිරිසිදු දේශපාලඥයින් සිය කණ්ඩායමට එක්කර ගන්නා බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

සිය පක්ෂයට සහය දක්වන ලෙස හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළ බවයි ඊයේ (26) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අද සහ හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මෙහිදී අදහස් පළ කළා.

එහිදී පෙන්වා දුන්නේ ඉදිරිපත් කරන අතුරු සම්මත ගිණුමත් ණය පිට යන එකක් විය හැකි බවයි.

(NEth)