Tuesday, January 13, 2026
Follow Us
බැඳුම්කර වංචාව ගැන අල්ලස් කොමිසම රවීගෙන් පැය 4ක් ප්‍රකාශ සටහන් කරගනී

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාව ඊයේ (25) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කැඳවා තිබිණි.

උදෑසන 09.00ට පමණ එහි පැමිණි ඒ මහතාගෙන් පැය 4කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව පස්වරු 01.30ට පමණ ඒ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් පිටව ගිය බව සඳහන්.

(LNW)