එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් පවසා සිටියද ඔහුට එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එසේ කළ නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටී.
කරූ ජයසූරිය මහතා කතානායක ධූරය භාරගත් අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ සියළු තනතුරු පමණක් නොව සාමාජිකත්වයද අත හැරිය බවත් ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට අත්‍යවශ්‍ය කොන්දේසිය වූ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෝ විධායක සභාවේ සාමාජිකයකු විය යුතුය යන කොන්දේසියට කරු ජයසූරිය මහතා යටත් නොවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ අභ්‍යයන්තරයට පෙන්වා දුන් බව වාර්තා වේ.ඒ අනුව ඊයේ(25) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලයේදී රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත්තේ පක්ෂයේ ව්‍යවස්ථාවෙන්ම බාධා ඇති පුද්ගලයන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට යෝජනා කරනවා වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අපේක්ෂා කරන තරුණ දේශපාලඥයන් මීළඟ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ඒ සඳහා ඉදිරිපත් විය යුතු බවයි.
(Lanka Leads)