විපක්‍ෂයේ කුඩා දේශපාලන පක්‍ෂ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවට සහාය දීමට පැමිණියත් ඔවුන්ට ඇමැති තනතුරු කිසිවක් දෙන්නේ නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
මෙම කුඩා පක්‍ෂ ආණ්ඩුව සමග එක්වීමට කැමැත්තක් දක්වන බවට කතාවක් පැතිරී ඇතත් එවැන්නක් මෙතෙක් දැනුම්දී නැතැයි කී අගමැතිවරයා ආණ්ඩුවට එක්වී සහාය දීමට එවැනි පක්‍ෂ ඉල්ලීමක් කළහොත් ඊට පිටුපෑමට නොහැකි බවද ඔවුන්ට ඇමැති තනතුරු නොදෙන බවද සඳහන් කළේය.මෙතෙක් එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවද ඒ පිළිබඳ කටකතාවල සත්‍ය අසත්‍යතාව නොදන්නා බවද අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
(Lanka Leads)