Tuesday, January 13, 2026
Follow Us
ඡන්දෙ ගන්න එක එක ඒවා කීවාට මෛත්‍රීට තනතුරක් දෙන්න පොහොට්ටුවේ එකඟතාවක් නෑ - ලොකුගේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තනතුරක් ලබාදීම සඳහා එකඟතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ නොමැති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

"ඒක ඒ පක්ෂෙන් අහලා බලන්න ඕනෙ. අපේ පක්ෂෙන් නම් තවම එහෙම එකක් නෑ. මේවා ඉතිං ඡන්ද කාලෙත් කිව්වානෙ අරයාට අර ඇමතිකම දෙනවා, අධිකරණ ඇමතිකම දෙනවා, අරයට අර ඇමතිකම හම්බුවෙනවා කියලා. ඡන්ද ගත්තනෙ, දැන් හම්බු නොවුණාමනෙ ප්‍රශ්නෙ මතුවෙලා තියෙන්නෙ. ඡන්ද කාලෙ එක එක්කෙනා ඡන්දෙ ගන්න විවිධ කතන්දර කියනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)