2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ලැබුණු එකම පාර්ලිමේන්තු අසුන කිහිප දෙනෙකු අතරේ බෙදා ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා පළමුව පාර්ලිමේන්තු අසුනට නම් කෙරෙනෙ අතර සෙසු ඉල්ලුම්කරුවෝ ඉන්පසුව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නියමිතව ඇති බව කියවේ. පාර්ලිමේන්තුවේ එකිනෙකා නියෝජනය කරන කාලය ඉල්ලුම්කරුවන් අතර සමානව බෙදා ගැනීමට මෙහිදී තීරණය වී ඇති බවද වාර්තා වේ. කෙසේ වුවද එජාප පක්ෂයේ ඉහළ නායකයන් මේ සම්බන්ධව අවසන් එකඟතාවයකට එළඹි නැති බවද වාර්තා වේ.
(Lanka Leads)