Tuesday, January 13, 2026
Follow Us
මෛත්‍රීට තනතුරු දීම 20 වන සංශෝධනයෙන් පස්සේ. දැනට සාකච්ඡා පැවැත්වෙනවා - දයාසිරි

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට නව රජයෙන් තනතුරු ලබාදීම පිළිබඳව දැනට සාකච්ඡා පැවැත්වෙන බවත් එය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව සිදුකෙරෙනු ඇති බවත් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

"සාකච්ඡාවක් තිබෙනවා යම් කාරණා පිළිබඳව. තවම මට හරියට කියන්න බෑ. දැනට අපි ඒකට අවශ්‍ය ෆ්‍රේම් වර්ක් එක ගැන කතාකරලා තිබෙනවා. ඉදිරි කටයුතු ටික ගැන කතාකරන්න තියෙනවා. 20 වන සංශෝධනයෙන් පස්සේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති නව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)