Tuesday, January 13, 2026
Follow Us
මැතිවරණයේදී ශ්‍රීලනිපය තනි කළ අයට වැඩ වරදියි

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා සිය පක්ෂයෙන් ද අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් යුත් විද්වත් කමිටුවක් පත් කිරීමටයි ඊයේ (20) රැස්වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළේ.

එමෙන්ම පසුගිය මහමැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට සහයෝගය ලබා නොදුන් සියලූ ආසන සංවිධායකවරුන්ට සහ පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට එහිදී තීරණය කෙරුණු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.


(Neth)