Tuesday, January 13, 2026
Follow Us
සුබ පැතීමේ කතාව පැත්තකට දමා විග්නේශ්වරන් දේශපාලන කතාවක් කරයි

ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට තේරී පත් වූ උතුරු පළාත් හිටපු මහ ඇමති සි.වී.විග්නේශ්වරන් මහතා නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතීමේ කතාව දේශපාලන කතාවක් බවට පරිවර්තනය කළ අයුරු දක්නට ලැබිණි.

ඔහු කතානායකවරයාට සුබ පැතීමේ කතාව වෙනුවට උතුරු නැගෙනහිර දෙමල ජනයා මුහුණ දෙන ගැටළු පිලිබඳ අදහස් දැක්විය.

ඔහු කතානායකවරයාට සුබ පැතීම සඳහා වැය කළේ ඉතා සුළු කාලයකි.

ඔහු සිය කතාව අවසානයේ සිංහල උපහැරණයක් වන “කළ කළ දේ පළ පළ දේ” යන්න විකෘති කරමින් “කළ කළ දේ පළ පළ වේ” යනුවෙන් ප්‍රකාශ කරන ලදී.

(Lanka LEads)