Tuesday, January 13, 2026
Follow Us
විපක්ෂයේ තනතුරු දෙක නම් කරනන් සමගි ජනබලවේගය රැස්වෙයි

සම්ප‍්‍රදායෙන් බැහැරව ගොස් ජනතා අභිලාෂයන්ට අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට සූදානම් බව සමගි ජනබලවේගය පවසනවා.

එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක, නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මේ බව කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂය අද ආරම්භ වන මංගල පාර්ලිමේන්තු රැස්වීම නියෝජනය නොකිරීම කණගාටුවට කරුණක් බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (20) පස්වරු 02.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක සහ විපක්ෂයේ නියෝජ්‍ය ප‍්‍රධාන සංවිධායක තනතුර සඳහා දෙදෙනෙකු පත් කර ගැනීම එහිදී සිදු කිරීමට නියමිතයි.

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක තනතුර සඳහා පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල සහ ඉමිටියාස් බාකීර් මාකර් ඇතුළු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා.

(Neth)