හදිසි විදුලි බිඳවැටීම් සිදුවීම නව අමාත්‍යවරයෙකු පත්වූ විට සිදුවන සාමාන්‍ය තත්වයක් බවත්, එය සිදුවන්නේ මාෆියාවක අවශ්‍යතාවය මත බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි හදිසි බිඳවැටීම් හරහා ජාතික විදුලි ඉල්ලුම තුළ කෘත්‍රිම හිගයක් ඇතිකර වැඩි මිලට පෞද්ගලික අංශයෙන් විදුලි ඒකක මිලදී ගැනීමට ඉඩකඩ විවර කිරීම මාෆියාකරුවන්ගේ අරමුණ බවයි.
සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව සඳහන් කළේ ඊයේ රාත්‍රී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන සංවාදයකදී අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකාව තුළ ඖෂධ මාෆියාව, ආයුධ මාෆියාව, තෙල් මාෆියාව මෙන්ම විදුලිබල ක්ෂේත්‍රය තුළ විදුලි මාෆියාවක් ද ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන හඳුන්නෙත්ති මහතා පවසන්නේ විදුලිබල මණ්ඩලය තුළ බොහෝ තීරණය ගන්නේ මෙම මාෆියාවට අවශ්‍ය පරිදි බවයි.
එම මාෆියාකරුවන් විසින් ඔවුන්ට වාසි වන පරිදි විවිධ අවස්ථාවලදී විදුලි බිඳවැටීම් වැනි දේ සිදු කරන බවත්, මෙවැනි විදුලි බිඳවැටීම් හදිසියේ සිදුවන ඒවා නොව හිතාමතා සිදු කරන ඒවා බවත් ඔහු පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් මෙවැනි අඩුපාඩු පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීමට පවා නොහැකි තත්වයක් ඇති වී තිබෙන බව ද හඳුන්නෙත්ති මහතා පවසනවා. එසේ අඩුපාඩු පෙන්වා දෙන අවස්ථාවලදී ආණ්ඩුවට බනිනවා යැයි ජනතාව, ජවිපෙට චෝදනා කරන බව ද ඔහු පවසනවා. මේ සිදු කරන්නේ ආණ්ඩුවට බැනීම නොව අඩුපාඩු පෙන්වා දීම බවත් එහෙත් එය පිළිගැනීමට ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව සූදානම් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.
ජනතාව අඳුරේ සිටීමට සූදානම් වුවත් ආණ්ඩුවට බනිනවාට අකමැති බවයි හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පවසන්නේ.
(LNW)