Sunday, August 10, 2025
Follow Us
වැඩ බාරගන්න ගිය ඇමති බන්දුල පුදුම වෙයි – රිෂාඩ්ගේ සුපිරි කාමරයක් අමාත්‍යාංශය ඇතුලේ

කොළඹ – වොක්ෂෝල් වීදියේ සතොස ගොඩනැගිල්ලේ 8 වන මහලේ හිටපු කර්මාන්ත හා වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා භාවිත කළ සුඛෝපභෝගී පෞද්ගලික අමාත්‍ය විවේකාගාරයක් සොයාගෙන තිබේ.

නව වෙළද අමාත්‍යවරයා ලෙස වැඩභාරගත් බන්දුල ගුණවර්ධන මහතා නියෝග කර ඇත්තේ එය වහාම ඉවත් කරන ලෙසයි.

අදාළ විවේකාගාරයේ සුඛෝපභෝගී ලෙස සකස් කරන ලද නිදන කාමරයක් ද පැවති බව වාර්තාවේ.

මීට අමතරව ප්‍රොජෙක්ටරයක් සහ ඒ හා සම්බන්ධ පුළුල් තිරයක් මෙන්ම ශබ්ද විකාශන පද්ධතියක් ද අදාළ කාමරයේ තිබී සොයාගෙන තිබේ.

එමෙන්ම ඊට යාබද සදළුතලයේ තිබී සුඛෝපභෝගී පුටුවක් ද සොයා ගත් බව අමාත්‍යාංශයේ නිලධාරියෙකු පැවසීය.

කෙසේ වෙතත් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ තමන් එම අමාත්‍යාංශයේ කටයුතු කිරීමට පෙර සිටම අදාළ විවේකාගාරය සකස් කර තිබූ බවයි.

(Lanka LEads)