Saturday, November 07, 2026
Follow Us
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කරයි
දැදුරු ඔය ජලාශයට එකතුවෙන ජල ප්‍රමාණය පාලනය කර ගැනීම සඳහා මේ වන විට එම ජලාශයේ වාන්දොරටු හයක් අඩිය බැගින් විවෘත කර තත්පරයට ඝණ අඩි 4100ක ජල ප්‍රමාණයක් මේ වන විට දැදුරු ඔය වෙත නිකුත් කරමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) පවසයි.
 
විශේෂයෙන් ම ජලාශයෙන් පහළ දැදුරු ඔය ආශ්‍රිත පදිංචි ජනතාව ඉදිරියේ දී ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය හා වර්ෂාපතනය අනුව වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රමාණයක් ද වෙනස් විය හැකි බැවින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ අංශ මගින් නිකුත් කරන නිවේදන අනුව කටයුතු කිරීම හා ගංගාවේ ජල මට්ටම් වෙනස්වීම් පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වේ.
-