Monday, October 05, 2026
Follow Us
ලෝක ජනාවාස දිනය අදයි

ලෝක ජනාවාස දිනය අදට (05) යෙදී තිබේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ ‘සැමට ප්‍රමාණවත් නිවාස‘ යන්නය.

ගෝලීය නිවාස අර්බුදය අවතැන් වූ ජනතාවගේ ගැටලු සහ අඩු ආදායම්ලාභීන්ට මෙන්ම නිවාස නොමැති ජනතාවට සුරක්ෂිත වාසස්ථානයක් ලබාදීමේ අවශ්‍යතාවය මෙමගින් අවධාරණය කරනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ලෝක ජනගහනයෙන් බිලියන 3කට අධික පිරිසක් අවිධිමත් නිවාසවල ජීවත්වන අතර නිෂ්චිත වාසස්ථානයක් නොමැති පිරිස බිලියන 1.1කට අධික බවය.