නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) අරලියග මන්දිර පරිශ්‍රයේදී සිදු කෙරිණි.
වසර එකහමාරක සාර්ථක හා විධිමත් පුහුණුව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පත්වීම් ලැබූ මෙම නිලධාරිනියන්, දිවයින පුරා පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කෙරේ.
මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සංරක්ෂණය ඇතුළු ප්‍රජා සෞඛ්‍ය සේවාවන්හි වැදගත් කාර්යභාරයක් ඉටු කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවය, ජනතාව වෙත සෞඛ්‍ය සේවාවන් වඩාත් සමීපව හා අඛණ්ඩව සැපයීමේදී සුවිශේෂී වැදගත්කමක් උසුලයි.
නවක නිලධාරිනියන් 1056 දෙනෙකු සෞඛ්‍ය සේවයට එක්වීම එම සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් දායකත්වයක් සපයනු ලබයි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සේවාවේ පරිවර්තනීය කාල වකවානුවක මෙම පත්වීම්ලාභි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සෞඛ්‍ය සේවාවට එක්වන බවත්, වත්මන් සෞඛ්‍ය සේවාව ගමන් කරන දිශානතිය නිවැරදිව දැන සිටීම මගින් ජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමේදී එය වඩා පහසුවක් වනවා මෙන්ම එම ගමන් මගට බාධාවන් විය හැකි විවිධ වෘත්තීන් අතර වන හැලහැප්පීම් අවම කර ගැනීමටද පහසුවක් වනු ඇති බව ද පැවසීය.
සෞඛ්‍ය ජයග්‍රහණ සඳහා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් සෞඛ්‍ය වෘත්තිකයින් ක්ෂෙත්‍රයේ සිදු කරන ලද දායකත්වය මෙහිදී ඇගයීමට ලක් කළ අමාත්‍යවරයා එම වෘත්තිකයින් විසින් ප්‍රතිශක්තිකරණය, ළමා ලදරු පෝෂණය, ළදරු මරණ අනුපාතිකය අඩුකර ගැනීම ආදි මාතෘ හා ළදරු සෞඛ්‍ය සම්බන්ධයෙන් මුළු ලෝකයටම ආදර්ශයක් ලබාදිය හැකි අප රටටම ආවේණික ආකෘතියක් නිර්මාණය කර ඇති බවද පැවසීය.
ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීම උදෙසා අවශ්‍ය පහසුකම් ලබාදෙමින් පවුල් සෞඛ්‍ය සේවිකාවන් 2900කට පමණ දෙසැම්බර් මස වනවිට ස්කූටි වර්ගයේ යතුරුපැදි ලබාදීමටත්, වසර කිහිපයක් තුළ ක්ෂේත්‍රයේ කටයුතු කරන සියලු දෙනාටම ස්කූටි වර්ගයේ යතුරු පැදී ලබාදීම රජයේ පරමාර්ථය බවද පැවසු අමාත්‍යවරයා, රාජ්‍ය සේවාවෙි මානව සම්පත ශක්තිමත් කිරීමේ බඳවා ගැනීම් සිදු කිරීමෙි දී වැඩිම පිරිසක් බඳවාගෙන ඇත්තේ සෞඛ්‍ය සේවාව සඳහා වන බවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.