Monday, September 28, 2026
Follow Us
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය සහ ලෝක ප්‍රවෘත්ති දිනය අදට (28) යෙදී තිබේ.
මෙවර තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනයේ ප්‍රධාන තේමාව ලෙස “කරුණු දැනගැනීම, ඒවායේ අදාළත්වය වටහා ගැනීම සහ විශ්වාසනීය ජනමාධ්‍යයක් තෝරාගැනීම” යන්න තේමා කරගෙන තිබේ.
 
මෙම දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වේ.
 
ශ්‍රී ලංකාව තුළ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත 2016 වසරේදී බලාත්මක කර වසර 10ක් ගත වී තිබීමද මෙවර සැමරුමේ විශේෂත්වයකි