වාහනවල මාර්ගයේ ධාවනය වන වාහනවලින් කළු දුම පිටවීම නිරීක්ෂණය වන්නේ නම්, ඒ පිළිබඳ තොරතුරු (වාහන අංකය, ස්ථානය සහ දිනය) 070 350 0525 යන වට්ස්ඇප් (WhatsApp) අංකයට යොමුකරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සියලුම රථවාහන හිමිකරුවන් සහ රියදුරන් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත්, මහමඟ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක කරන බවත් ශ්රී ලංකා පොලීසිය අවධාරණය කරයි.