Monday, June 29, 2026
Follow Us
තමිල්නාඩුවේ මත්පැන් අලෙවිසැල් 717ක් පිළිබඳව සැලැස්මක්

තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස දිවුරුම් දුන් සී. ජෝසප් විජේ එම ප්‍රාන්තයේ මත්පැන් අලෙවිසැල් 717ක් වසා දැමීමට නියෝග කර තිබෙන බව වාර්තා වේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සති 02ක් ඇතුළත එම නියෝගය ක්‍රියාත්මක කරන ලෙසට දැනුම්දී තිබෙන බවයි. 

මහජනතාවගේ යහපත සැළකිල්ලට ගනිමින් මෙසේ සිල්ලර මත්පැන් අලෙවිසැල් වසා දැමීමට පියවර ගෙන තිබෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි.