Tuesday, May 12, 2026
Follow Us
ආචාර්ය නිශා­දිට ජපා­න­යෙන් සම්මා­න­යක්

පාරි­ස­රික සෞඛ්‍ය හා අසා­ත්මික රෝග සම්බ­න්ධ­යෙන් සිදු­කළ විශි­ෂ්ට­තම පර්යේ­ෂ­ණ­ය­කින් නව සොයා­ගැ­නී­මක් කිරී­මට ජපා­නයේ නගෝයා විශ්ව­වි­ද්‍යා­ලයේ ආචාර්ය නිශාදි දෙල්ග­ම­ආ­රච්චි මහ­ත්මිය සමත්ව තිබේ.

ඇයගේ පර්යේ­ෂ­ණ­යට අනුව, ආසා­ත්මි­කතා ඇති පුද්ග­ල­යන්ගේ නාස­යෙන් ඇතුළු වන අති සියුම් දූවිලි අංශු නාස් ගර්භය තුළ සාමාන්‍ය ප්‍රමා­ණය මෙන් සිව් ගුණ­ය­කින් තැන්පත් වේ. මෙම අංශු මඟින් පරි­ස­රයේ ඇති ලෝහ සහ රසා­ය­නික කොටස් ශරී­රය තුළට රැගෙන යන බව ඇය සොයා­ගෙන ඇත. මේ හේතු­වෙන් නාසය තුළ ‘මියු­සින්’ (Mucin) නම් ශ්ලේෂ්මල නිප­ද­වීම වැඩි වී රෝගී තත්ත්ව­යන් උත්සන්න වන බව ඇය පෙන්වා දෙයි.

මෙම සොයා­ගැ­නීම වෙනු­වෙන් ඇයට ජපා­නයේ ‘Medical Encouragement Award’ සම්මා­නය ද හිමි විය. අනු­රා­ධ­පු­රයේ උපත ලබා රුහුණු විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ප්‍රථම උපා­ධිය ලැබූ ඇය, මේ වන විට නගෝයා විශ්ව­වි­ද්‍යා­ලයේ සහ­කාර මහා­චා­ර්ය­ව­රි­යක ලෙස සේවය කරයි.