මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගනිමින් පෝෂණය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට අදාළ ක්රියාවලියේ ප්රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (29) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
පසුගිය දිට්වා සුළි කුණාටුව හමුවේ සිදුවූ නාය යාමෙන් මධ්යම කඳුකරයට විශාල හානියක් සිදු වූ අතර රටේ හදවත බඳු මධ්යම කඳුකරය සුරක්ෂිත කර ගනිමින් පෝෂණය කිරීමේ අවශ්යතාව ජනාධිපතිවරයා එහිදී දැඩිව අවධාරණය කළේය. ඒ අනුව ඉහළ ජල පෝෂක ප්රදේශවල පාරිසරික ගැටලුවලට විසඳුම් සොයමින් මධ්යම කඳුකරය රැක ගැනීම වෙනුවෙන් වෙනම අධිකාරියක් පිහිටුවීමට තීරණය කෙරිණි. එම ක්රියාවලියට අදාළ ප්රගතිය සහ නීතිමය ප්රතිපාදන පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණු අතර ඊට අදාළ යෝජනා සහ අදහස්ද ඉදිරිපත් කෙරිණි.
එම සියලු යෝජනා සහ අදහස් සැලකිල්ලට ගනිමින් මෙම ඉදිරි කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ශ්රී ලංකාවේ ඉහළ ජලධාර ප්රදේශවල පාරිසරික ප්රතිස්ථාපනය සහ කළමනාකරණය මෙම නව අධිකාරියට පැවරෙන අතර ජාතික ජල සුරක්ෂිතතාව සහ ආහාර සුරක්ෂිතතාව, ආපදා අවදානම අවම කිරීම, ආර්ථික සහ බලශක්ති කාර්යක්ෂමතාව, දේශගුණික විපර්යාසයන්ට අනුකූල වීම සහ ඒවායේ බලපෑම් අවම කිරීම, ස්වභාවික ප්රාග්ධන ගිණුම්කරණය යන අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන්, ආයතනික සම්බන්ධීකරණයද මෙමගින් සිදු කෙරේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, රාජ්ය පරිපාලන,පළාත් සභා හා පළාත් පාලන අමාත්යංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර, ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්යාංශයේ ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්යාංශයේ ලේකම් ඩී.පී. වික්රමසිංහ, වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරු ඇතුළු අමාත්යාංශ ලේකම්වරු සහ අදාළ ආයතන ප්රධානීන්ද, රාජ්ය නිලධාරීන්, පරිසරවේදින්, සොබාදහම් සංරක්ෂණ අන්තර්ජාතික සංගමය (IUCN) සහ ආසියානු සංවර්ධණ බැංකුවේ (ADB) නියෝජිතයන් සහ ක්ෂේත්රයේ දෙස් විදෙස් ප්රවිණයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.