Wednesday, February 25, 2026
Follow Us
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ පැය 72ක් රඳවා ප්‍රශ්න කරයි

මෙරට දරුණු ප්‍රහාරයක් ලෙස පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් සිදු කෙරෙන විම­ර්ශ­න­ අනුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ඊයේ (25) උදෑ­සන අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ විශ්‍රා­මික මේජර් ජෙන­රාල් තුවාන් සුරේෂ් සලේ මහතා පැය 72ක රැඳ­වුම් නියෝ­ග­යක් මත රඳ­වා­ගෙන විම­ර්ශන පව­ත්වයි.

සුරේෂ් සලේ මහතා අත්අ­ඩං­ගු­ව­ට­ගෙන ඇත්තේ ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත (PTA) යටතේ බව පොලී­සිය පෙන්වා දෙයි.

ඒ අනුව පොලිස් අධි­කා­රී­ව­ර­ය­කුගේ නියෝග මත දින තුනක කාල­යක් (පැය 72ක්) රඳවා තබා­ගෙන ප්‍රශ්න කිරී­මට නීත්‍ය­නු­කූල අව­කා­ශය පව­තින බව පොලී­සිය සඳ­හන් කරයි.

එම කාලය තුළ අනා­ව­ර­ණය වන කරුණු සහ සාක්ෂි මත ඉදිරි විම­ර්ශන කට­යුතු සඳහා දින 90ක රැඳ­වුම් නියෝග ලබා­ගැ­නී­මට නිය­මිත බව ද පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. සුරේෂ් සලේ මහ­තාව අත්අ­ඩං­ගු­වට ගනු ලැබුවේ පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් තිබූ සාක්ෂි මත පද­නම්ව බව බස්නා­හිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සජීව මැද­වත්ත සඳ­හන් කළේය.