Wednesday, February 25, 2026
Follow Us
“Taste and Craft - Ella 2026” විශේෂ ප්‍රදර්ශනය අද  සහ හෙට දෙදින පුරා ඇල්ල නගරයේදී
දේශීය ව්යවසායකත්වය නංවාලීම සහ තල් කර්මාන්තය නව මාවතකට යොමු කිරීම අරමුණු කරගත් “Taste and Craft - Ella 2026” විශේෂ ප්රදර්ශනය පෙබරවාරි මස 27 සහ 28 යන දෙදින පුරා ඇල්ල නගරය කේන්ද්ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව වැවිලි හා ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශය සඳහන් කරයි.

 

බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලය හා ඇල්ල ප්රාදේශිය සභාවේ සම්බන්ධීකරණයෙන් තල් සංවර්ධන මණ්ඩලයේ වීරවිල පුහුණු මධ්යස්ථානය මගින් මාස 03ක් පුරාවට මෙහෙයවන ලද විශේෂ පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ පිරිස සඳහා සහතික පත්ර ප්රදානය කිරීම සහ ඔවුන් නිර්මාණය කරන ලද තල් ආශ්රිත නිෂ්පාදන හා වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශයට අනුබද්ධිත ආයතනයන් හී නිෂ්පාදන ප්රවර්ධනය කිරිමත් එම නිෂ්පාදන වෙත සංචාරක ආකර්ෂණයක් ලබා ගැනීමත් මෙම වැඩසටහනෙහි අරමුණයි.
 
මෙහිදී තල් ආශ්රිත නිෂ්පාදනවලට අමතරව, වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යාංශයට අනුබද්ධිත ආයතන මගින් නිපදවන කජු, කිතුල් සහ පොල් කර්මාන්තය ආශ්රිත විවිධ දේශීය නිෂ්පාදන රැසක් ද ප්රදර්ශනය හා අලෙවිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
 
අමාත්යාංශය විසින් ක්රියාත්මක කරනු ලබන මෙවැනි ව්යාපෘති මගින් දේශීය ව්යවසායකයන්ට නව වෙළඳපොළ අවස්ථා විවර කර දීම, ඔවුන්ට නිසි පුහුණුව ලබා දිම සහ අමාත්යාංශයේ සේවාවන් වඩාත් කාර්යක්ෂම ලෙස මහජනතාව වෙත සමීප කරවීම ද අපේක්ෂා කෙරේ .