රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය සාධකයක් බවත්, එය හුදෙක් පරිභෝජනය සීමා කිරීමක් නොව රටේ සංවර්ධන ක්‍රියාවලියට ලබාදෙන සුවිශේෂී දායකත්වයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ බලශක්ති අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ "ශ්‍රී ලංකා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන ප්‍රදානෝත්සවය" අමතමින් පෙබරවාර් 24 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යනතර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.
"Energy Efficiency: Refueling the Economy" (බලශක්ති කාර්යක්ෂමතාවය තුළින් ආර්ථිකය පණ ගැන්වීම) යන තේමාව යටතේ පැවති මෙම සම්මාන උළෙල දී විශිෂ්ටතම කළමනාකරු ලෙස කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ජීවක තුෂාර මහතා සම්මාන ලැබූ අතර National Cleaner production Center, Forbes Marshall lanka, World Trade Center Colombo, BiC and DENTA manufacture, MAS Fabrics thulhiriya, යන ආයතන බලශක්ති කාර්යක්ෂමතා රන් සම්මාන හිමිකර ගත්හ.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
බලශක්ති නාස්තිය අවම කිරීම හරහා විදේශ විනිමය ඉතිරි කර ගැනීමටත්, එමගින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමටත් හැකි වෙනවා.
පසුගිය වසර තුළ ඉහළ කාර්යක්ෂමතාවයකින් බලශක්තිය පරිභෝජනය කළ රාජ්‍ය හා පෞද්ගලික ආයතන විශේෂයෙන් මෙහිදී ඇගයීමට ළකු කළ යුතුයි. මහා පරිමාණ කර්මාන්ත ශාලාවල සිට කුඩා ව්‍යාපාර දක්වා බලශක්ති කළමනාකරණය ප්‍රචලිත කිරීම ඉතා වැදගත්.
හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සහ ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා වන පැරිස් සම්මුතිය වැනි ජාත්‍යන්තර එකඟතාවලට අනුව කටයුතු කිරීමේ රටක් ලෙස ඉතා වැදගත් වගේම බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කිරීම සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.