Monday, February 23, 2026
Follow Us
“හිමිකම” ඔප්පු බෙදාදීමේ ජාතික වැඩසටහන  පෙබරවාරි 27 දා අනුරාධපුරයේදී

“හිමිකම” ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන එළඹෙන පෙබරවාරි 27 වැනිදා ප.ව. 2.00 ට අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් ශ්‍රවණාගාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඉඩම් හා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

සින්නක්කර ඔප්පු නොමැතිව පීඩාවට පත්ව සිටි ජනතාවට පරම අයිතිය ලබාදීම සඳහා රජය ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති කරගෙන ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන අඥා පනත යටතේ අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ඉඩම් භාවිත කරමින් සිටින ගොවි ජනතාවට සහ මහජනතාවට පරම අයිතිය නොමැතිවීම හේතුවෙන් තම භූමිය අවශ්‍ය පරිදි සංවර්ධනය කිරීමේදී ගැටලු මතුවී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.