Monday, February 23, 2026
Follow Us
නිවාස 1500ක් ඉදිකිරීම ලබන 25 වෙනිදා දිස්ත්‍රික්ක 13ක දී

ජාතික නිවාස වැඩසටහන 2026 යටතේ නිවාස 1500 කට රුපියල් මිලියන 1500ක් ලබාදීම සිදු වන බවත් ලබන 25 වෙනිදා දිස්ත්‍රික්ක 13ක දී මෙම වැඩසටහන ආරම්භ කෙරෙන බවත් නිවාස ඉඩම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක් - 2026 ජාතික නිවාස වැඩසටහන සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

 

මෙම වසරේ ජාතික නිවාස වැඩසටහන 2026 මගින් අමාත්‍යංශ 06ක් යටතේ නිවාස 31,000ක් ඉදිකිරීමට නියමිත බවද මෙයින් නිවාස 25,000ක් පමණ අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කරගනිමින් සෘජු ආධාර යටතේ ඉදිවන අතර ආරම්භක වැඩසටහන පසුගිය ජනවාරි 16 වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී පැවැති බවත් ජනවාරි 28 වනදා අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ගාලල්ලේදී ආරම්භ වූ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එම අමාත්‍යංශය යටතේ නිවාස වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක වන බව පැවසූ අමාත්‍යවරයා එම වැඩසටහන් දෙක වශයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන නිවාස වැඩසටහන සහ නැවත පදිංචි කිරීමේ අංශය යටතේ උතුරු නැගෙනහිර පළාත් වල දිස්ත්‍රික්ක 08ක යුද්ධය නිසා අභ්‍යන්තරව අවතැන්වූ ජනතාව සදහා නිවාස තනාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බව පෙන්වා දුන්නේය.