Tuesday, November 25, 2025
Follow Us
වරාය ලාභයෙන් රුපියල් බිලියන 5ක් භාණ්ඩාගාරයට
 
වරාය ලාභයෙන් රුපියල් බිලියන 5ක් භාණ්ඩාගාරයට වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්යාංශය සඳහන් කරයි.
 
නව රජය බලයට පත්වීමත් සමඟ ශ්රී ලංකා වරාය අධිකාරිය 2025.10.31 වන දිනට රුපියල් බිලියන 39 ක බදු පසු ශුද්ධ ලාභයක් ලැබු අතර එය පෙර වසරට සාපේක්ෂව බදු පසු ශුද්ධ ලාභයේ රුපියල් බිලියන 12 ක පමණ වර්ධනයකි.
 
එබැවින් ඉන් රුපියල් බිලියන 5ක් ඒකාබද්ධ අරමුදලට ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්රී ලංකා වරාය අධිකාරිය පවසනු ලැබේ.
 
2025 සැප්තැම්බර් මාසයේ දී රුපියල් බිලියන 2ක් ඒකාබද්ධ අරමුදලට ලබා දී ඇති අතර තවත් බිලියන 3 ක් 2025 දෙසැම්බර් මාසයේදී ලබා දීමට නියමිත බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
-